සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ආණ්ඩුව අමෙරිකාව එක්ක ලොකු ඩීල් එකකට සුදානම් වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 30% අන්‍යෝන්‍ය තීරුබදු සහනය තහවුරු කර ගැනීම සඳහා දෙරට අතර දැනට පවතින වෙළෙඳ පරතරය අඩුකර ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

මේ අනුව අමෙරිකාවෙන් භාණ්ඩ මිලදී ගැනීම වැඩි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දෙනවා දෙන්නේ වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවයෙන් කොටසක්, මෙරට පෞද්ගලික අංශයට අදාළ සමාගමකට බෝයිං වර්ගයේ ගුවන් යානා තුනක් සහ සෝයා නිෂ්පාදන අමුද්‍රව්‍ය මෙහිදී පළමුව මිලදී ගැනීමට යෝජනා කර ඇති බවයි.

තවද දෙරට අතර ආනයන අපනයනවලදී දැනට බලපැවැත්වෙන වැට් බදු ඉවත් කර එයින් ද සහනයක් ලබාදීමට යෝජනා කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැක්ම අනුව වැට් බද්ද ද තීරු බද්දක් ලෙස සැලකීම නිසා එම සහනය ප්‍රදානය කරන ලෙස එරටින් ඉල්ලීමක් ලැබී ඇති බවද තොරතුරු වාර්තා වනවා.

Tags