සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මෙය අවසාන IMF වැඩසටහන බවට පත් කරගැනීම අපේක්ෂාවයි – ජනපති

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එක්ව වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් තමා පසුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹදී පැවැති Sri Lanka’s Road to Recovery : Debt and Governance විශේෂ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ 2028 වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය, ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

“අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනට ආපු අවසන් වැඩසටහන බවට පත්කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා. 2028 වෙනකොට අප ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා.“

Tags