සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පළාත් සභා මැතිවරණයේ මූලික කටයුතු ඇරඹෙයි

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ මුලික කටයුතු ආරම්භ වී තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ ඊට අදාළ නීතිමය පසුබිම සකස් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ වී ඇති බවයි.

ඊට අදාළ සීමා නිර්ණ ක්‍රියාවලිය මේ දක්වා නිල වශයෙන් අවසන් වී නොමැති බව සඳහන්.

තවද පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු නව ඡන්ද ක්‍රමය සම්මත කර ගැනීම සඳහා වන කෙටුම්පත ඉදිරියේ දී සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.

මීට අදාළ නීතිමය ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Tags