සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කරනු ලැබුවා.

මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවල පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි වනවා.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම එළැඹෙන 14 වනදා සිට 28 වනදා දක්වා සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදවා තිබෙනවා.

තවද ප්‍රතිඵල පිළිබඳ කිසියම් විමසීමක් අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකථන අංකය වන 0112-785922, 0112-784208, 0112-786616 සහ 0112- 784537 යන දුරකතන අංක මගින් විමසීම් කළ හැකි.

2024 සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මාර්තු 17 වනදා සිට 26 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3664කදී පැවැත්වුණා.

ඒ සඳහා සිසුන් 474147ක දෙනෙක් පෙනී සිටි අතර ඉන් 398182 දෙනෙක් පාසල් අයදුම්කරුවන් වුණා.

මේ අතර සියලුම විදුහල්පතිවරුන්ට අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

තවද සියලුම පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ද පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කර සියලු පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල බාගත කර කිරීමේ හැකියාව ද සලසා තිබෙනවා.

සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට ද සිය විභාග අංකය හෝ ජාතික හැදුරුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහනක් බාගත කරගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා ඇති අතර එලෙස ලබාගන්නා මුද්‍රිත ප්‍රතිඵල සටහන් උසස්පෙළ පන්ති සඳහා ඇතුළත්වීමට වලංගු ලේඛනයක් ලෙස පිළිගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

Tags