දේශීය පුවත්
ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය ඇමති කියන කතාව
පසුගිය රජය සමයේ නිසි පරිදි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ වන විට ඖෂධ මඟ හරවා ගැනීම සඳහා ප්‍රාදේශීය මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් කෝටි 3500ක මුදලක් රෝහල් සඳහා වෙන් කර ඇති බවයි.
“ගිය අවුරුද්දේ ටෙන්ඩර් නොකිරීමේ ප්‍රතිඵලය තමයි දැන් ඖෂධ සැපයෙන්නේ නැති ප්‍රශ්නේ. ගිය අවුරුද්දේ ටෙන්ඩර් කරලා තිබුණා නම් හරියට ඖෂධ එනවා. අපි දැන් ලබන වසර සඳහා ටෙන්ඩර් කරලා තියෙනවා. දැන් ඇති වෙලා තියෙන තාවකාලික ඖෂධ හිඟයට එකක් අපි රෝහල්වලට රුපියල් කෝටි 3,500ක් වෙන් කරලා තියෙනවා ප්‍රාදේශීය මිලදී ගැනීම් කරන්න. දෙවැනි එක විටින් විට අපි සමහර රටවල් එක්ක සාකච්ඡා කරලා පරිත්‍යාග හැටියට මේක ලබා ගන්නවා සමහර රටවල් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරන තැනට ඇවිල්ලා තියෙන්නේ ඒකෙන් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් කමක් තියෙනවා.”
