සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

“අස්වැසුම” වැඩසටහනට නිවැරදි දත්ත පද්ධතියක් අවශ්‍ය බව ලෝක බැංකුව අවධාරණය කරයි

“අස්වැසුම” සමාජ ආරක්ෂණ වැඩසටහනේ ප්‍රතිලාභීන් නිවැරදිව තෝරා ගැනීම සඳහා යාවත්කාලීන හා විශ්වාසදායී දත්ත පද්ධතියක් අවශ්‍ය බව ලෝක බැංකු නියෝජිතයින් පාර්ලිමේන්තු රැස්වීමකදී අවධාරණය කළහ. ඔවුහු තවදුරටත් පවසා තිබෙන්නේ, එවැනි දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කිරීමෙන් සැබෑ දිළිඳු සහ අවදානම් පවුල් හඳුනාගෙන නිසි ප්‍රතිලාභ ලබාදිය හැකි බවත්, එමඟින් වැඩසටහනේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය වැඩි කළ හැකි බවත්ය.

මෙම අදහස් පළකළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රැස්වීමකදීය. එයට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර, සහ ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ විශේෂඥයින් ෆ්‍රැන්සෙස්කා ලමන්නා හා ශ්‍රීනිවාස් වරදන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

රැස්වීමේදී මන්ත්‍රීවරුන් පැවැසූයේ “අස්වැසුම” ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ග්‍රාමීය කමිටු සහභාගි කිරීම සහ තෝරාගත් නාමාවලිය ප්‍රදර්ශනය කිරීමෙන් විනිවිදභාවය තහවුරු කළ හැකි බවය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ලෝක බැංකුවේ උපදේශක ශාලිකා සුබසිංහ මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

Tags