දේශීය පුවත්
විපක්ෂ නායක මාරුකිරීමට කිසිම රහස් සාකච්ඡාවක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්
විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට වෙනත් අයෙක් පත් කිරීම සඳහා රහස් සාකච්ඡා පැවැත්වෙන බවට පළවන පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍යය බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) සමගි ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්.
“අපි දැක්කා විශේෂයෙන්ම මේ විපක්ෂ නායකවරයා මාරු කරන්න රහස් සාකච්ඡා යනවායි කියන කතාවක්. මම පැහැදිලිව කියන්න ඕනෙ විපක්ෂ නායකවරයා මාරුකිරීමේ කිසිම රහස් සාකච්ඡාවක් නැහැ. එහෙම රහස් සාකච්ඡාවක් කොහේවත් ගිහිල්ලාත් නෑ අපි දන්න තරමින්.
ඒ වගේම එහෙම අවශ්‍යතාවයක් සමගි ජන බලවේගයට, පාර්ලිමේන්තු කණ්ඩායම තුළ එහෙම අදහසක් ඇවිල්ලාත් නෑ, එහෙම අදහසක් ඇතිවෙලාත් නෑ”
