සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පහරදිමකින් බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙක් රෝහලට

බේරුවල ප්‍රදේශයේ පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ සිද්ධිය පිළිබඳව සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු මෙම පහරදීම සිදුකර තිබුණා.

මෙහිදී පොලීසියට පහර දුන් බව කියන පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී කොඩි එල්ලමින් සිට ඇති අතර මාර්ගය අවහිර නොකරන ලෙස පොලීසිය උපදෙස් දී ඇති බව සඳහන්.

අදාළ අවස්ථාවේ දී දෙපාර්ශවය අතර කතාබහක් සිදුව ඇති අතර එය දුරදිග යාමෙන් පසු පොලිසියට පහර දී ඇති බව වාර්තා වනවා.

Tags