සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අද කාලගුණ නිවේදනය

අද (04) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහිදී, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි දැක්වෙන්නේ.

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින අතර, එබැවින් ඒ සමඟ ඇති විය හැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

Tags