සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අගෝස්තු මසදී සංචාරක පැමිණීම ඉහළට

අගෝස්තු මසදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 198235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙය 2024 වසරේ අගෝස්තු මසදී පැමිණි ගණන සාපේක්ෂව 20.4%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව අගෝස්තු මසදී ඉන්දියාවේ සංචාරකයින් 46473ක් පැමිණ ඇති අතර එය 23.4%කි.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් 19,764ක්, ජර්මන් 12,500ක්, චීනයෙන් 12,294ක් සහ ප්‍රංශ ජාතිකයින් 10,495ක් ද අගෝස්තු මසදී මෙරටට පැමිණ තිබෙනවා.

මේ අනුව 2025 වසරේ ජනවාරි 01 වනදා සිට අගෝස්තු 31 දක්වා සංචාරක පැමිණීම් ගණන 1566523කි.

එම පිරිස අතරින් සංචාරකයින් 325,595ක් ඉන්දියාවෙන්, 118,916ක් රුසියාවෙන් සහ 151,141ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවා.

Tags