සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ට්‍රම්ප් ලංකාවට පැනවූ තීරු බදු අද සිට ක්‍රියාත්මකයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය යටතේ මෙරටට පනවා ඇති නව තීරු බදු අද (07) සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අමෙරිකාව විසින් මෙරටින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 20%ක තීරු බද්දක් අද (07) සිට අයකරනු ඇති.

අමෙරිකාව භාණ්ඩ ආනයනය කරනු ලබන රටවල් සඳහා නව තීරු බදු හඳුන්වාදුන් අතර මෙහිදී ශ්‍රී ලංකාවට 44%ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබුණා.

මෙම බදු ප්‍රතිශතය ක්‍රියාත්මක වුවහොත් එය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඉන් සහනයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු බලධාරීන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබුවා.

අදාළ සාකච්ඡාවලින් 24%ක ඉහළ තීරු බදු ප්‍රතිශතයක් අඩු කර ගැනීමට මෙරට නියෝජිතයින් සමත් වීම සමඟ ශ්‍රී ලංකාව සඳහා පනවනු ලැබූ තීරුබදු ප්‍රතිශතය 20%ක් වනවා.

මෙම නව බදු ප්‍රතිපත්තිය පසුගිය පළමු වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත තිබුණ ද අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එය අද (07) දින දක්වා කල් දමනු ලැබුවා.

Tags