දේශීය පුවත්
පාතාල ඝාතන රැල්ලක් ඉදිරියේදී ක්‍රියාත්මක වීම වැළැක්වීමට..
විදෙස්ගතව සැගවී සිටිමින් මෙරට තුල අපරාධ මෙහෙයවමින් සිටින පාතාල කල්ලි විසින් ඉදිරි දින කීපය තුළ මෙරටදී ඝාතන යම් ප්‍රමාණයක් කිරීමට කර ඇති සැලසුම් සම්බන්ධව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබෙන අතර, ඒ සම්බන්ධව වැඩ බලන පොලිස්පතිවරයාටද රහස්‍ය වාර්තාවක් ලබා දී ඇතැයි සඳහන්.
ඒ අනුව පාතාල කල්ලි අතර සිදු කිරීමට නියමිත මෙම ඝාතන රැල්ල නැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඒ සම්බන්ධ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් බස්නාහිර දකුණ හා උතුරු මැද පළාත් භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පසුගියදා දන්වා යවා තිබෙනවා.
කන්ජිපානි ඉම්රාන්, කුඩු ලාල්, අහුන්ගල්ලේ ලොකු පැටී, අහුන්ගල්ලේ පොඩි පැටී, කොස්ගොඩ සුජී. කරන්දෙණිය සුද්දා, මට්ටකුක්ලිය රෝෂාන්, රත්ගම විදුර, ප්‍රංශයේ ආනන්ද, බඩෝවිට අසංක, ගනේමුල්ල සංජීව ඇතුළු පාතාල කණ්ඩායම්වල මත්ද්‍රව්‍ය හා පාතාල කණ්ඩායම්වල බලය සම්බන්ධ මත ගැටුම් හේතුවෙන් මෙම ඝාතන ඉදිියේදී කිරීමට සැලසුම් කර ඇතැයි වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම මේ වන විට ඇප මත සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් වලට සම්බන්ධ සැකකරුවන් වන පොඩි ලැසී, කුඩු සළිඳු වැන්නවුන්ටද ප්‍රතිවිරුද්ධ කල්ලි තුලින් එල්ලවිය හැකි ජීවිත තර්ජන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීමටත් ඔවුන් රටින් පලායාමේ උත්සාහයන් පවතී නම් ඒවා ව්‍යර්ථ කිරීම සඳහා කටයුතු කිරීමටත් ආරක්‍ෂක අංශ අවධානය යොමුකල යුතු වනවා.
