සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තායි ඇතින්නියන් දෙදෙනා ගැන පරීක්ෂා කිරීමට පශු වෛද්‍ය කමිටුවක්

තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට ත්‍යාග ලෙස ලැබුණු ඇතින්නියන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පශු වෛද්‍ය කමිටුවක් පත් කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.

තායි රාජා ඇතින්න දළදා මාළිගාවේ ඇත් පන්තියේද, කණ්ඩුල ඇතින්න කැලණිය රජ මහා විහාරය යටතේද පසුවන අතර, ඔවුන්ට හිරිහැර සිදුවන බවට තායිලන්තය චෝදනා කර තිබේ. ඒ අනුව, ඔවුන් නැවත තායිලන්තයට ගෙන යාම පිළිබඳව එරට නියෝජිතයින් 28 වනදා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය තහවුරු කිරීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ පරිසර අමාත්‍යාංශයේ පශු වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Tags