දේශීය පුවත්
කොළඹ පුරපතිනිය ලෙස ව්‍රායි වැඩ භාර ගනී
කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.
2025 පළාත් පාලන මැතිවරණයේ දී වැඩි අවධානයක් යොමුව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පසුගිය 16 වනදා තේරී පත් වුණා.
නගරාධිපතිනිය ඇය තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණා.
ඒ අනුව ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.
