දේශීය පුවත්
ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්
ගම්පහ ප්‍රදේශ රැසකට පැය 10ක ජල කප්පාදුවක් අද (11) සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ අද (11) උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා ජල කප්පාදුව සිදු කෙරෙන බවයි.
පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සුර්ය බල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩි දියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.
