දේශීය පුවත්
අපිට තියෙන්නේ වැඩි කතාවල් නෙවෙයි, කතාවල් අඩුකරලා වැඩේට බහින්න – නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල
ආණ්ඩුවට එරෙහිව පදනමකින් තොරව කිසිවකු දේශපාලන විවේචන එල්ල කරන්නේ නම් තමන් ඒවා බැහැර කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
“පදනමකින් තොරව අපට දේශපාලන විවේචන එල්ල කරනවා නම් අපි ඒවා බැහැර කරනවා.
පදනමක් සහිතව එන විවේචනවලට අපි මුහුණ දෙනවා.
දැන් කවුරුහරි කියනවා නම් ‘කෝ මේ කියපුවා කරේ නෑනෙ’ කියලා, අපිට තියෙන්නේ වැඩි කතාවල් නෙවෙයි, කතාවල් අඩුකරලා වැඩේට බහින්න”
