විදෙස් පුවත්
අමෙරිකානු ගුවන් යානයක ගින්නක්
අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් එම ගුවන් යානයේ ගුවන් ගමන අවලංගු කර ඇති බවයි.
ගොඩබෑම ගියර්යේ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා.
මෙහිදී ගුවන් යානයේ ටයරයේ ගින්නක් සහ දුමාරයක් හටගෙන තිබුණා.
මෙම අවස්ථාවේදී ගුවන් යානය ධාවන පථයෙන් හදිසි ඉවත් කිරීමක් සිදුකර ඇති අතර යානයේ සිටි මඟීන් 173 දෙනාම ආරක්ෂිතව පිටතට ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.
සිද්ධියෙන් ගුවන් මඟීන් 6 දෙනෙක් ද තුවාල ලබා ඇති අතර එක් ගුවන් මඟියෙක් රෝහල් ගත කර ඇති බව සඳහන්.
අමෙරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 ගුවන් මෙලෙස ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
