සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඕස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටවන ලෙස දැනුම් දීමක්

ඕස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව යන ලෙස ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී සිඩ්නි සහ මෙල්බර්න් හි ස්ථාන දෙකකට එල්ල වූ යුදෙව් විරෝධී ප්‍රහාර සඳහා ඉරානය සම්බන්ධ බව ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ විසින් තහවුරු කරගෙන ඇති බවයි.

මෙම තත්ත්වය සමඟ දින 7ක් තුළ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව යන ලෙසද ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පෙන්වා දෙන්නේ මෙම සිදුවීම් දෙක සමාජ සහජීවනය අඩපණ කිරීමට සහ ප්‍රජාව තුළ අසමගිය වැපරීමට ගත් උත්සාහයක් බවයි.

මේ අනුව ඉරාන තානාපති අහමඩ් සඩේගි සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට ඕස්ට්‍රේලියාවෙන් පිටව යන මෙලෙස නියෝග කර ඇති අතර ටෙහෙරානයෙන් ද තම රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම චෝදනා ඉරානය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

Tags