විදෙස් පුවත්
එයාර් කැනඩා සේවක සේවකයින්ගේ වැඩ වර්ජනය අඛණ්ඩව
පසුගිය සතියේ දී තමන් ආරම්භ කළ වැඩ වර්ජන ක්රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්රියාත්මක කිරීම එයාර් කැනඩා ගුවන් සේවක සේවිකාවන් තීරණය කර තිබෙනවා.
එම ගුවන් සේවාව හඳුන්වාදුන් නව රැකියා කොන්ත්රාත් ක්රමයකට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස වෘත්තීමය ක්රියා මාර්ගවලට එළැඹ ඇති බව සඳහන්.
දින කිහිපයක් පැවැති මේ වැඩ වර්ජනයකට ගුවන් සේවක සේවිකාවන් 10000කට වැඩි පිරිසක් එක්ව සිටිනවා.
මේ හේතුවෙන් ගුවන් ගමන් වාර සිය ගණනක් අවලංගු වීමෙන් මඟීන් 130000 ඉක්මවූ පිරිසක් අපහසුතාවට පත්ව තිබුණා.
මෙලෙස ගුවන් සේවයේ ගුවන් සේවකයින් මෙලෙස වෘත්තීමය ක්රියාමාර්ගයක් සඳහා එළැඹ ඇත්තේ 1985 වසරට පසුව පළමුවරටයි.
