සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

අමෙරිකානු විරෝධී රටවල් සමඟ එකඟ වන රටවල්වලට 10% අතිරේක බද්දක්

අමෙරිකාව පනවන නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශත සඳහන් ලිපි එරට වේලාවෙන් අද (07) දහවල් 12 සිට අදාළ රටවල් වෙත යොමු කිරීම අරඹන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

Truth සෝෂල් අඩවියේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එම සටහනෙන් අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ BRICS සංවිධානය හඳුන්වාදෙන අමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ එකඟ වන ඕනෑම රටක් මත 10%ක අතිරේක තීරු බදු පනවන බවයි.

මෙම බදු ප්‍රතිශතය කිසිඳු වෙනසක් නොකරන බවද ඔහු පවසනවා.

BRICS සමුළුව බ්‍රසීලයේදී ආරම්භ වූ පසුබිමක අමෙරිකානු ජනාධිපතිවරයා මෙම නිවේදනය සිදුකර තිබීම විශේෂත්වයක් වනවා.

2009 වසරේ දී බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය පිහිටුවාගත් එම සංවිධානයට පසුකාලීනව දකුණු අප්‍රිකාව එක්වූ අතර, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුව ඊට සම්බන්ධ වුණා.

අමෙරිකානු බලධාරීන්ට සඳහන් කරන්නේ තීරුබදු ප්‍රතිශත ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස පළමුවැනිදා සිටයි.

Tags