දේශීය පුවත්
නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි
මාතර පොලිස් වසමේ පරවි දූපතට යන පාලම යට මුහුදේ තිබියදී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ මාතර පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (11) රාත්‍රී කාලයේ දී මළ සිරුර සොයාගත් බවයි.
මියගිය කාන්තාව වයස අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවෙන තැනැත්තියක් බවට පොලීසිය සැකපළ කරනවා.
කෙසේ වෙතත් ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.
පොලීසිය සඳහන් කළේ කහ වර්ණයෙන් යුත් ඇඳුමක් සහ කළු වර්ණයෙන් යුත් කොට සායක් හැඳ සිටින බවයි.
සිද්ධිය සම්බන්ධව මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
