විදෙස් පුවත්
චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වන සැමරුම මහ ඉහළින් සමරයි
චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වන සැමරුම අද (03) උදෑසන බිජිං අගනුවරදී ආරම්භ වුණා.
ඒ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සහභාගීතත්වයෙන්.
මෙවර මහජන යුද ජයග්‍රහණයේ සැමරුම සඳහා උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් සහ රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් ද එක්ව සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නායකයා සමඟ ඔහුගේ දියණිය ද චීනය වෙත දුම්රියෙන් පැමිණ ඇති බවයි.
ලෝක ෆැසිස්‍ට්වාදය හා ජපාන ආක්‍රමණයට එරෙහි චීන යුද ජයග්‍රහණයේ 80 වන සැමරුමට සහභාගී වීම සඳහා රාජ්‍ය නායකයින් මෙලෙස පැමිණ තිබුණා.
ඊට අමතරව ඉරාන සහ කියුබානු නායකයින් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙක් මෙම සැමරුමට සහභාගී වීමට නියමිතයි.
මිනිත්තු 70 කාලයක් පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයේ දී චීනයේ අතිනවීන යුද උපකරණ ගුවන් යානා අදිය ප්‍රදර්ශනය කරනු ඇති.
ජපන් ආක්‍රමණයට එරෙහිව චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය ප්‍රධාන තේමාව වුයේ ‘පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු’ යන්නයි.
මෙම උත්සවයට ජපන් ආක්‍රමණයට එරෙහිව චීන මහජන යුද්ධයකට දායක වූ ජාත්‍යන්තර මිතුරන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද විශේෂ ආරාධනාවක් සිදුකර තිබීම ද විශේෂත්වයකි.
