විදෙස් පුවත්
චීනය අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරනවා – අමෙරිකානු ජනාධිපති
චීනයේ 80 වන විජයග්‍රාහී සැමරුමට සහභාගී වූ චීන ජනපති ෂී ජිංපින් විසින් එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණයක් සිදුකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ එම විජයග්‍රාහී සැමරුම පැවැත්වෙන අතරතුර ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි.
“ජනාධිපති ෂී ජිංපින්ට සහ චීනයේ ජනතාවට ශ්‍රේෂ්ඨ හා කල් පවතින සැමරුම් දිනයක් වේවා. ඔබ අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන බැවින් කරුණාකර ව්ලැඩිමීර් පුටින්ට සහ කිම් ජොන් උන්ට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන්න.”
දෙවන ලෝක යුද්ධයේ දී ජපානයට චීනයට යටත් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කළ හමුදා පෙළපාලිය අද (03) චීනයේ දී මහත් උත්කර්ෂව පැවැත්වුණා.
චීන ජනාධිපති ෂී ජිංපින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම යුද සැමරුමට සහාභාගී වී සිටීම ජාත්‍යන්තර මාධ්‍යයන්හි දැඩි අවධානයක් යොමු වුණා.
