දේශීය පුවත්
මහින්ද විජේරාමයට සමු දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියා.
ඒ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබාදී ඇති නිල නිවාස ඔවුන්ට නැවත රජයට භාරදීමට සිදුවීමත් සමඟයි.
හිටපු ජනාධිපතිවරයා මේ දක්වා නිල නිවස භාවිතා කරනු ලැබූ අතර ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමිව ගියා.
මේ අනුව ඒ මහතා විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද (11) දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත මෙලෙස ගමන් ඇරඹුවා.
