සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක් ගිනි ගනී

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රිය ගින්නක් හටගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අද (13) අලුයම 5.30ට පමණ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගිනි නිවන සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ගින්න මැඩ පැවැත්වීම සඳහා ක්‍රියා කරමින් පවතින බවද සඳහන්.

කෙසේ වෙතත් මේ දක්වා කිසිඳු හානියක් සිදුව නොමැති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියේ තෙල් ටැංකි තුනක් පිලී පැනීමෙන් ඇතිවූ ඉන්ධන කාන්දුවෙන් පසුව මෙම ගින්න හට ගෙන ඇති බවයි.

Tags