විදෙස් පුවත්
කිම් ජෝන් උන් චීනයේ නිල සංචාරයක
උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් චීනයේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලබන සැප්තැම්බර් 3 වනදා දින චීනයේ පැවැත්වෙන ජයග්‍රාහී දින පෙළපාලියට උතුරු කොරියානු නායකයා සහභාගී වීමට නියමිතයි.
උතුරු කොරියානු නායකයාගේ මෙම සංචාරය පළමු ජාත්‍යන්තර මට්ටමේ නායකයින් සහභාගී වන හමුව වන බවද චීනය පවසනවා.
ජපානයට එරෙහි යුද්ධයේ 80 වන සංවත්සරය සැමරීම සඳහා පැවැත්වෙන ජයග්‍රාහී දින පෙළ පාලියට රාජ්‍ය නායකයින් 26 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.
රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් ද සහභාගී වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.
