සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

පලස්තීනය නිසා ලන්ඩන් නුවර උණුසුම් වෙයි

පලස්තීනයට සහාය දක්වමින් ලන්ඩන් නුවරදී පැවැති විරෝධතාවෙන් මේ වන විට පුද්ගලයින් 900කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘පලස්තීන ඇක්ෂන් ගෘප්’ නම් සංවිධානයක් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනා.

එම සංවිධානයට බ්‍රිතාන්‍ය තුළ විරෝධතා සංවිධානය කිරීම තහනම් වන අතර ඒ හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සංවිධානය පසුගිය ජුලි මසදී පැවැති විරෝධතාවය දී එරට රාජකීය ගුවන් හමුදා කඳවුරකට කඩා වැදී හමුදා ගුවන් යානාවලට සිදුකර තිබූ හෙයින් එම සංවිධානය බ්‍රිතාන්‍ය තුළ තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබුණා.

මේ හේතුවෙන් එම සංවිධානය විසින් සංවිධානය කරන විරෝධතාවන්ට සහභාගී වීමට එරට වැසියන්ට තහනම් බව බ්‍රිතාන්‍ය රජය දැනුම් දී තිබුණා.

Tags