විදෙස් පුවත්
බාලි දූපතේ දී අමු පළතුරු පමණක් ආහාරයට ගත් පෝලන්ත තරුණියක් මියයයි
අමු පළතුරු පමණක් ආහාරයට ගන්නා දැඩි ආහාර පාලන ක්‍රමයක් අනුගමනය කළ විසිහත් (39) හැවිරිදි පෝලන්ත ජාතික තරුණියක් බාලි දූපතේ හෝටල් කාමරයක මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
කැරොලිනා ක්‍රිසැක් (Karolina Kriszczak) ලෙස හඳුන්වන මෙම තරුණිය ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍යාවක් වන අතර, යෞවන වියේ සිටම ශරීර පෙනුම සහ “පිරිසිදු ආහාර” සංකල්පය පිළිබඳ දැඩි උනන්දුකමක් දැක්වූවිය. වයස අවුරුදු 19 සිට ඇය අමු පළතුරු පමණක් ආහාරයට ගන්නා අන්තගාමී ආහාර රටාවකට යොමු වී ඇත.
2024 දී බාලි දූපතට ගිය ඇයගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහී තිබූ අතර, ඇඳේ සිටීම හෝ සමබරතාවය රඳවා ගැනීම දුෂ්කර වී තිබුණි. හෝටල් කාර්ය මණ්ඩලය පැවසුවේ ඇය අතිශය සිහින්ව, අකු ඇට පැහැදිලිව දැකිය හැකි පරිදි සිටි බවය.
වෛද්‍ය උපකාර ලබා ගැනීමට පිරිසක් ඉල්ලූවත්, ඇය එය ප්‍රතික්ෂේප කරමින් “පළතුරු පමණක් ලබා දෙන ලෙස” ඉල්ලීමක් කළාය. බාලි සෞඛ්‍යමය ජීවන රටාවක් සඳහා ප්‍රසිද්ධ රටක් බැවින්, මෙවැනි ඉල්ලීම් හෝටල් පාර්ශවයට අසාමාන්‍ය නොවීය.
නවාතැන් ගෙන දින කිහිපයකින් පසු ඇය සම්බන්ධව කිසිදු තොරතුරක් නොමැතිවීම හේතුවෙන්, හෝටල් කාර්ය මණ්ඩලය ඇයගේ කාමරය විවෘත කළ විට, ඇය මියගොස් සිටියදී හමුවිය. පසුව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඔස්ටියෝපොරෝසිස් සහ ඇල්බියුමින් ඌනතාවය නිසා ඇය මියගොස් ඇති බවයි.
වෝර්සෝ නුවර ඉපිද හැදී වැඩුණු කැරොලිනා, ලීඩ්ස් විශ්වවිද්‍යාලයේදී යෝගා සහ නිර්මාංශ ආහාර රටාව පිළිබඳ දැඩි උනන්දුවක් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ තම අත්දැකීම් බෙදා ගෙන තිබුණි. ඇගේ අනුගාමිකයන් ඇගේ “ලස්සන ගෙල සහ අස්ථි හැඩ” පිළිබඳව ප්‍රශංසා කළහ.
ඇගේ දෙමාපියන් ඇය ආහාර අක්‍රමිකතා සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට බල කළද, 2018 දී ලැබූ ප්‍රතිකාරයෙන් පසුව නැවතත් අමු ආහාර රටාව අනුගමනය කිරීමට ඇය තීරණය කළාය.
මිතුරියන් පවසන පරිදි, ඇය “සමාජ මාධ්‍ය සහ නිර්මාංශ ජීවන රටා ප්‍රචාරකයන් විසින් මොළ සේදීමකට ලක්වූවක්” ලෙස හැඟී තිබුණි. මන්දපෝෂණය හේතුවෙන් ඇගේ දත් දිරාපත් වී, නියපොතු පැහැ අහිමි වී තිබුණි.
