සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අදින් (09) ආරම්භ වනවා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරඟයෙන් තරඟාවලිය ආරම්භ වන අතර තරඟය අබුඩාබිහි දී අද (09) පැවැත්වෙනවා.

තරඟාවලියේ සියලු තරඟ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වනවා.

මෙම තරඟාවලියේ දී කණ්ඩායම් 8ක් කාණ්ඩ 2ක් යටතේ තරඟ වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරඟ වදින අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වනවා.

A කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්ථානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් තරඟ වැදීමට නියමිතයි.

Tags