සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ප්‍රංශ අගමැති විශ්වාසභංගයෙන් පරාජය වෙයි

ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆොන්සුවා බෙයිහූ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්ව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේ දී මන්ත්‍රීවරුන් 364 දෙනෙක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඊට විරුද්ධව මන්ත්‍රීවරුන් 194 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මේ අනුව ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාට සිය ධුරය අහිමි වනු ඇති.

මෙම තත්ත්වය සමඟ සුළුතර ආණ්ඩුව බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දේශපාලන විචාරකයන් පවසන්නේ ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා සිය අස්වීම හෙට (10) දිනයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වෙත ඉදිරිපත් කරනු ඇති බවයි.

මේ අනුව වසර දෙකක කාලයක් තුළ ප්‍රංශයේ පස්වන අග්‍රාමාත්‍යවරයා පත්වීම සිදුවනු ඇති.

Tags