සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තව 25%ක තීරු බදු පනවයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයට අතිරේකව තවත් 25%ක් අය කිරීමට අද (06) තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව විසින් රුසියානු බොරතෙල් අඛණ්ඩව ආනයනය කිරීමට ගත් තීරණයට දඬුවමක් ලෙස මෙම අතිරේක තීරු බදු අනුපාතයක් ප්‍රකාශ කර ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරු බදු අනුපාතය අනුව ඉන්දියාවෙන් 25%ක බදු ප්‍රතිශතයක් අය කිරීමට මිට පෙර තීරණය කර තිබුණා.

මේ අනුව අමෙරිකාව විසින් ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අයකළ අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ ගියා.

මේ අතර අමෙරිකාව ඉන්දියාවට අලුතින් පැනවූ 25%ක අමතර තීරු බදු අසාධාරණ බව ඉන්දියාව පවසනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ක්‍රියාමාර්ගය අසාධාරණ බව අපි නැවත අවධාරණය කරනා බවත් තම ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

අමෙරිකාව ඉන්දියාවට අලුතින් තීරුබදු පැනවීම හමුවේ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

Tags