දේශීය පුවත්
නිරුවතින් යතුරුපැදියක් ධාවනය කල අයෙකු අත්අඩංගුවට!
කොළඹ සිට මහනුවර දක්වා නිරුවතින් යතුරුපැදියක් ධාවනය කල පුද්ගලයෙකු අද (03) අළුයම් කාලයේදී කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෑගල්ල සහ මාවනැල්ල පොලිසිය විසින් ලද තොරතුරකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට තැත් කලද එම අවස්ථාව ව්යර්ථ වී ඇති අතර, කඩුගන්නාව සහ පේරාදෙණිය පොලිසියට දැනුම් දීමෙන් පසු කඩුගන්නාව ප්රදේශයේ නිලධාරීන් මාර්ග බාධක යොදා අදාළ යතුරුපැදිය නතර කරගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් වන අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මානසික සෞඛ්ය ඇගයීම පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් සඳහන් වනවා.
