විදෙස් පුවත්
ට්‍රම්ප් කංසා ගැන ආන්දෝලනාත්මක තීරණයක් ගැනීමේ සුදානමක්
කංසා අඩු භයානක ඖෂධයක් ලෙස නැවත වර්ගීකරණය කිරීම කෙරෙහි සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ධවල මන්දිරයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී ට්‍රම්ප් කියා සිටියේ මේ සම්බන්ධව අවසන් තීරණයක් ඉදිරි සති කිහිපය තුළ ගන්නා බවයි.
මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවක් බවත් කංසා සම්බන්ධව ඇති වෛද්‍යමය භාවිතයට වඩා එහි ඇති අහිතකර තත්ත්වයක් සම්බන්ධව තමන් වැඩිපුර අසා ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවා.
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව අමෙරිකානු කොටස් වෙළෙඳපොලේ කංසා ආශ්‍රිතව ව්‍යාපාරවල කොටස් මිල ඉහළ ගොස් තිබෙනවා.
