දේශීය පුවත්
අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබේ.
අද පාර්ලිමේන්තු සැසිවීමට අදාළව, පෙරවරු 10.00 සිට 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාට අසන ප්‍රශ්න සඳහා සහ පෙ.ව. 10.30 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බවද සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම, පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර,
පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා කාලය ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය.
අවසානයේ, පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන සභාව කල් තබන යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවද වාර්තා වේ.
