විදෙස් පුවත්
ට්‍රම්ප්ගේ ළඟම දේශපාලන හිතවතෙක් වෙඩි තබා ඝාතනය කරයි
අමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වූ චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක පැවැති උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අමෙරිකානු ජනාධිපතිවරණ සටන වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ තරුණ ක්‍රියාකරුවෙකු වන චාලී එරට විශ්ව විද්‍යාලයක එළිමහන් විවාද පැවැත්වීම පිළිබඳව විශාල ප්‍රසිද්ධියක් උසුලනවා.
31 හැවිරිදි චාලි කර්ක්ගේ ඝාතනය පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය සංවේගය පළකර තිබෙනවා.
ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ ධජ ලබන ඉරිදා 6ට වන තෙක් අඩකුඹු කිරීමට ද ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ඝාතනය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බවත් අමෙරිකානු බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්ය.
