සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාරදෙයි

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව පිළිබඳව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනාට සහ බෑනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (17) අධිචෝදනා භාර දුන්නා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ භාර දීම සිදුකළා.

ඉන්පසුව විත්තිකරුවන් රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණා.

තවද ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියම කිරීමට සහ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමටත් මෙහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියම කළා.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවීමටද නියම වුණා.

රුපියල් මිලියන 97කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම පිළිබඳව මෙම විත්තිකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම චෝදනා අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙනවා.

Tags