සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රථ වාහන නීති අද සිට දැඩි වෙයි

රථවාහන නීතිය අද (08) දින සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ ඒ සඳහා පොලිස් නිලධාරීන් වාහන පරික්ෂා කිරීමේ කටයුතු සඳහා දිවයින පුරා යොදවන බවයි.

මේ අනුව ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන, වර්ණ වෙනස් කිරීම් සිදුකර ඇති වාහන පරික්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

තවද අමතරව විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවන කරන වාහන, වාහනවල ඉදිරිපස, පිටුපස බඳෙහි චිත්‍ර මෝස්‌තර සහ වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම, නීති විරෝධී සවිකිරීම් පිලිබදව ද පරීක්ෂා කිරීමට ද නියමිතයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඝෝෂාකාරී නලා සවිකර ඇති වාහන සහ අධික ශබ්ද සහිත සයිලන්සර් සහිත වාහන සම්බන්ධයෙන් ද අද (08) දිනයේ සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇති බවයි.

Tags