දේශීය පුවත්
ලබන මාසය අන්තිමට ස්ටාර්ලින්ක් සේවාව රටටම
සාමාන්‍ය සේවා අභිබවා යන විශේෂ අන්තර්ජාල සේවාවක් වූ ස්ටාලින්ක් සේවාව මේ මස අවසන් වන විට සමස්ථ රටටම ලබාදීමට හැකියාව ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ පාරිභෝගිකයින් 10 දෙනෙක් පිළිබඳව නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වන විට පවත්වාගෙන යන බවයි.
මෙම අන්තර්ජාල සේවාව මඟින් රටේ දුෂ්කරම පළාත්වලට පවා ඉතා ඉහළ ගුණාත්මක අන්තර්ජාල සේවාවක් ලබා ගැනීමට හැකි වනවා.
“ස්ටාර්ලින්ක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සහ පහසුකම් ලබා දීලා තියනවා.
ඒ අවශ්‍ය ප්‍රශ්න නිරාකරණය කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තියනවා.
දැනට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා ඩිවයිසර්ස් 10ක් අරන් පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරනවා.
මේ නියමු ව්‍යාපෘතියෙන් පස්සේ ඒ කට්ටිය ඩෑෂ් බෝඩ් එකක් පෙන්වන්න අවශ්‍යයයි ආරක්ෂක දෙපාර්තමේන්තුවට.
ඒක කරලා ඉවර වුනාට පස්සේ අපි බලාපොරොත්තුවක් තියනවා මේ මාසයේ අන්තිම වෙනකොට ස්ටාර්ලින්ක් සේවාව රටටම දෙන්න පුලුවන් විදිහට ඒ කට්ටිය කටයුතු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”
