දේශීය පුවත්
රනිල් අද CIDය හමුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
මෙම කැඳවීම සිදුකර ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබුවා.
කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට අදාළව එම සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරනවා.
