සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

දුරස්ථ පාලක කාර් රථ සහ ප්‍රවාහනයේ අනාගතය​

GTA වැනි පරිගණක ක්රීඩා වල නිරත වන විට ඔබට කවදා හෝ පරිගණකයක් ඉදිරිපිට සිට සැබෑම වාහනයක් ධාවනය කිරීමේ සිතුවිල්ල ඇතිවී තිබුණා ද​? පුද්ගලිකව මා එලෙස බොහෝ වර සිතා ඇති මුත් එය සියැසින් දැකබලා ගැනීමේ සහ ක්‍රියාවට නැංවීමේ අවස්ථාව​ ජර්මානු ආයතනයක් විසින් මේ වන විට​ යථාර්තයක් බවට පත් කර ඇත​.​

ඔබට බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන්නේ මෙම මෝටර් රථය Auto Pilot Mode නැතිනම් තනිවම ගමන් කරන බවයි. නමුත් මේ පිටුපස ඇති තාක්ෂණය නම් බර්ලින්හි කාර්යාලයක සිට මෙම රිය දුරස්ථව (Remotely) හසුරුවන එක්තරා රියදුරන් කණ්ඩායමක් සිටීමයි. නගරය තුළ රිය ධාවනයට හෝ පාසලෙන් ඔබගේ දරුවා රැගෙන ඒමට නැතිනම් බිරිඳ හෝ ස්වාමි පුරුෂයා සේවා ස්ථානය වෙත හැරලවීමට ඔබටම​ යොමු වීමේ අවශ්යතාවයක් ඉදිරි වැඩිදියුණු කිරීම් වලදී ඇති නොවනු ඇත​. ඔබට අවශ්ය විටෙක ඇණවුම් කිරීමටත්, මාර්ගගතව රිය හැසිරවීමටත් අවස්ථාව මෙම ක්රමවේදය හරහා ලබාගත හැකි​ බව VAY ආයතනයේ අදහසයි.

https://vay.io/?fbclid=IwZXh0bgNhZW0CMTAAAR0G427B2NMgZtfT40a2Eu25W4iQeaVfaSrXxILnqvZHZm51XU-CpRU08NU_aem_ASakwc0muftOBEa-SmkjW_33TSX3cKE7_tBYwhINKk-K-VVBliCcFMvVUCRP7Qssf3Lve-Sp86IMW1ygDOJV8uPH

Fabrizio Sclesi මහතා VP Engineeringහි සම නිර්මාතෘ වශයෙන් කටයුතු කරන අතර මෙම තාක්ෂණය පිළිබඳව ඔහු දක්වන අදහස් මෙසේය​.

“මෝටර් රථය මාර්ගගත රියදුරු විසින් දුරස්ථව පාරිභෝගිකයා වෙතට ධාවනය කරනු ලබන අතර අවශ්යනම් රියදුරු අසුන වෙත නැඟී මෝටර් රථය තමාටම අදාළ ගමනාන්තය වෙතට​ රැගෙන යා හැක​. ගමනාන්තය අවසන දී වාහනය නවතා තැබීමට ඉඩක් සෙවීම සඳහා ඔබ වද විය යුතු නැත​. ඔබ පිටතට පැමිණි පසුව මාර්ගගත රියදුරුට වාහනයේ පාලනය නැවත භාර ගැනීමට හැකියාව ඇත​.”

“යම් හෙයකින් දුරස්ථ සම්බන්ධතාවය බිඳ වැටුණහොත් ඒ සඳහා ද සාධනීය ක්රමවේදයක් VAY සමාගම විසින් සපයා ඇත​. එක් ජාලමය සේවා සපයන්නෙකු මත පදනම් නොවී ඔවුන් ජාල සේවා සපයන්නන් හතරක් මේ සඳහා සම්බන්ධ කොට ගෙන ඇත​. යම් හෙයකින් ජාල සබඳතා සියල්ල අවහිර වූවොත් වාහනය ආරක්ෂිතව තමා විසින්ම නැවතුමකට යොමු වීම සිදු වේ. ජාල සබඳතා යථා තත්ත්වයට පත් වීමෙන් පසු නැවතත් සාමාන්ය පරිදි දුරස්ථව වාහනය හැසිරවිය හැක​.”

මෙම නියමු ව්යාපෘතිය මේ වන විට යුරෝපානු රටවලට අදාළව ධාවනය සඳහා අවසර හිමිව ඇත්තේ උතුරු ජර්මනියේ Hamburg නගරයේ ය​. Vay යනු එසේ අවසර හිමිව ඇති මුල්ම සමාගම වීම අනෙක් විශේෂත්වයයි. කාලයාගේ ඇවෑමෙන් ජර්මානු වැසියන්ට රියදුරෙකු නොමැතිව වාහනයක් මහා මාර්ගයේ ධාවනය වනවා දැකීම පුදුම සහගත වන්නක් ද​ නොවනු ඇත​.

Tags