දේශීය පුවත්
පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අගහරුවාදා (21) සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි. අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටි වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතු බවයි.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේය.
එමෙන්ම, වැසි සහිත කාලගුණයට මුහුණ දී ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වැසි දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. අයහපත් කාලගුණ හේතුවෙන් දක්නට ලැබූ මරණයකිද වාර්තා වී ඇත.
