දේශීය පුවත්
2025 වසරේදී ලංකාවට සංචාරකයින් ලක්ෂ 18ක්
2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි. අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන වලට අනුව, ඔක්තෝබර් 15 වනදා වන විට මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,801,151ක් දක්වා ඉහළ ගොස් ඇත. එමඟින් මේ වසරේ සංචාරක ක්ෂේත්‍රය මට්ටමක පැවති බව පෙන්වයි.
ඔක්තෝබර් මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75,657ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඉන්දියාවෙන් වැඩිම සංචාරක පිරිසක් (396,274) පැමිණ ඇත. එමෙන්ම එක්සත් රාජධානිය (167,886), රුසියාව (125,950), ජර්මනිය (111,677) සහ චීනය (108,040) යන රටවලින්ද ලක්ෂය ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ. ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහ ඇමෙරිකාව ආදියෙන්ද (50,000) අධික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවට වාර්තා වේ. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවූ සංඛ්‍යාවක් (2,053,465) පැමිණ තිබූ අතර, වැඩිම සංඛ්‍යාව වාර්තා වූයේ 2018 වසරේදී ලක්ෂ 23 (2,333,796) ඉක්මවන පිරිසක් පැමිණි අවස්ථාවයි.
ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවා ඇත්තේ 2016, 2017, 2018 සහ 2024 වර්ෂයන්හිදීය.
