සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සංචාරක පැමිණීම් ලක්ෂ 12 පනී

2025 ජුලි මස පළමු දින 6 තුළදී 36002ක විදෙස් සංචාරකයින් ගණන ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් ගණන 12 ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබීමද විශේෂත්වයකි.

සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ දක්වා 1204046ක විදෙස් සංචාරකයින් ගණනක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 පළමු භාගය තුළ දී මෙරට සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.71 ක් බවයි.

Tags