සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අමෙරිකාවෙන් WTI තෙල් ගන්න රජයෙන් තීන්දුවක්?

අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ඉන්ධන මිලදී ගැනීමේ දී ටෙන්ඩර් ක්‍රියාවලියට US West Texas Intermediate (WTI) බොරතෙල් ඇතුළත් කිරීම සඳහා රජය මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වනවා.

මාධ්‍ය විසින් සිදුකළ විමසීමකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා මේ බව තහවුරු කර තිබෙනවා.

ඒ මහතා පැවසුවේ දැනට ශ්‍රී ලංකාවට තෙල් ආනයනය ගල්ෆ් කලාපය තුලින් ආනයනය කරනු ලබන බවත් ඊට අමතරව අමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බොරතෙල් සඳහා ද මින් ඉදිරියට ටෙන්ඩර් ක්‍රියාවලියට එක්වීමට අවස්ථාව හිමිවන බවත්ය.

මිල ගණන් අනුව මෙම වර්ග දෙකෙන් කුමන වර්ගය ලංකාවට ගෙන්වන්නේ ද යන්න සම්බන්ධ තීරණයට එළැඹෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Tags