දේශීය පුවත්
ලංකාවට සංචාරකයින් ලක්ෂ 15ක් ඇවිත්
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා 1500656ක විදෙස් සංචාරකයින් ගණන ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
ඊට අමතරව අගෝස්තු මස පළමු දින 18 තුළ පමණක් සංචාරකයින් 150000 ඉක්මවා මෙරටට පැමිණ තිබෙනවා.
මෙම මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිස පැමිණ ඇත්තේ ඉන්දීය, බ්‍රිතාන්‍යය, රැසියානු, ජර්මන් සහ චීන ජාතිකයින් වේ.
