සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මානසික ගැටළු සඳහා ඇමතුම් 16,298ක් – ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය

මෙම වසරේ පළමු මාස නවයක කාලය තුළ, මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සහාය පතා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ඇමතුම් 16,298ක් ලැබී ඇති බව එම ආයතනය පවසයි.

ඇමතුම් ලැබී ඇත්තේ ගෘහස්ථ හිංසනය, සයිබර් අපරාධ, ලිංගික හිරිහැර, මත්ද්‍රව්‍ය භාවිතය සහ අධ්‍යාපනික ගැටලු වැනි විවිධ කරුණු සම්බන්ධයෙන් වන අතර, මෙම තත්ත්වය වසරේ විශේෂත්වයක් ලෙස සැලකේ.

ඇමතුම් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අගෝස්තු මාසයේදී වන එම ප්‍රමාණය 2,569.

ඇමතුම් කරුවන්ගෙන් බහුතරය වයස අවුරුදු 20 ඉක්මවූ පුද්ගලයින් වන අතර, තරුණ පරපුර තම ගැටලු ප්‍රකාශ කිරීමට WhatsApp වැනි නූතන සන්නිවේදන ක්‍රම භාවිතා කරන බවද ආයතනය සඳහන් කරයි. ඔවුන් වෙනුවෙන් 0755551926 දුරකථන අංකය මඟින් විශේෂ සේවාවක් ද සපයයි.

ඕනෑම ආකාරයක මානසික පීඩනයට ලක්ව සිටින පුද්ගලයෙකුට 1926 ක්ෂණික ඇමතුම් අංකය හෝ එම අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීමට හැකි අතර, අන්තර්ජාලය ආශ්‍රිත ගැටලු සඳහා hithawathiya.com වෙබ් අඩවිය සමඟ සම්බන්ධව විසඳුම් ලබාදීමටද කටයුතු කරන බව විද්‍යායතනය සදහන් කරයි.

Tags