සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අධිවේගී මාර්ගයට අලුතින් සුඛෝපභෝගී බස් රථ 200ක්

අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය බස් රථ ඇණියෙන් 52%කට ආසන්න ප්‍රමාණයක් සහ සුඛෝපභෝගී බස් රථ ඇණියෙන් 94%කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික ආයු කාලයක් ඉක්මවා ගොස් ඇති බැවින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ ඇණියට නව බස් රථ හඳුන්වා දීමේ හදිසි අවශ්‍යතාවයක් පවතිනවා.

අධිවේගී මාර්ගවල මඟී ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බස් රථ නොමැතිකම හමුවේ ශ්‍රී ලංගම විසින් මේ වන විට පෞද්ගලික අංශයට අයත් සුඛෝපභෝගී බස් රථ 61ක් ලාභ බෙදා ගැනීමේ පදනම මත ධාවනයේ යොදවනු ලබනවා.

අධිවේගී මාර්ග සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 200ක් තම අරමුදල් යොදා ගනිමින් මිලදී ගැනීමට ශ්‍රී ලංගම විසින් තීරණය කර තිබෙනවා.

මේ අනුව මුල්‍ය හැකියාව ඇති ඩිපෝ මඟින් අධි සුඛෝපභෝගී බස් රථ 29ක් සෘජුවම මිලදී ගැනීමටත් ශ්‍රී ලංගමයේ අරමුදල් භාවිත කරමින් මූලික ගෙවීම් සිදු කර, ඉතිරි මුදල වසර 05ක් තුළ මාසික වාරික වශයෙන් උපයන ආදායමෙන් ගෙවීම හරහා සෙසු බස් රථ ප්‍රමාණය මිල දී ගැනීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වනවා.

Tags