දේශීය පුවත්
බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 29 ක් සොයා ගැනේ
දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A, C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29 ක් සොයාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව අද (09) සිදු කළ පරීක්ෂා කිරීමකදී මෙම ජංගම දුරකථන හමු වී ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින අතර, මරණ දඬුවම නියම වී සිටින “දෙමටගොඩ චමින්ද” රඳවා සිටින සිර මැදිරියෙන් ද ජංගම දුරකථනයක් සොයාගෙන ඇති බවත්, එසේම, “වෙලේ සුදා” සහ “මිදිගම රුවන්” යන අපරාධකරුවන් සිටින සිරමැදිරිවලින් ද ජංගම දුරකථන හමු වූ බවත් පැවසෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
