සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කුෂ් කිලෝ 4ක් ගුවන්තොටේදී මාට්ටු

රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපලෙහි සියලු පරීක්ෂණවලින් අනතුරුව ගුවන් තොටුපලෙන් පිටව යමින් සිටි ගුවන් මගීන් තිදෙනෙකු මෙලෙස ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන්ගේ ගමන්මළු තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 22ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

ඔවුන් මලයාසියාවේ ක්වාලාලම්පුර් නුවර සිට කටුනායක වෙත පැමිණ ඇති අතර කොළඹ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (20) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Tags