දේශීය පුවත්
තරුණයෙකු දණගස්වා වෙඩිතබා ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් 4ක් අත්අඩංගුවට
කහවත්ත ඇන්දාන කොස්කැලේ ප්‍රදේශයේ දී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමට පිළිබඳව සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ තරුණයා ඝාතනය කිරීමට යොදා ගත් ජීප් රථයක් මෝටර් රථයක් සහ යතුරුපැදි 3ක් ද සොයාගත් බවයි.
කොළඹ උතුර අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
තරුණයා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි ජීප් රථයේ වර්ණ වෙනස් කර ඇති බවත් සැකකරුවන් විසින් එම මෝටර් රථයට සහ අනෙක් යතුරුපැදිවලට ව්‍යාජ අංක තහඩු භාවිතා කර තිබෙන බවත් පොලීසිය සඳහන් කරනවා.
අදාළ වාහන හෝමාගම නිවසක නතර කර තිබියදී සොයාගෙන තිබුණා.
අත්අඩංගුවට ගත එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 197ක් අයිස් ග්‍රෑම් 100ක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.
පොලිස් මුලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඩුබායි සිට ඝාතනය මෙහෙයවා ඇති බවයි.
අන්දාන, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි සන්නද්ධ පිරිසක් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් එහි සිටි නිවුන් සොහොයුරන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මිතුරෙකු මාංචු දමා පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 30 වනදායි.
ජීප් රථයකින් පැහැරගෙන ගිය මෙම තිදෙනා කොස්කෑල්ල ප්‍රදේශයේ පාළු ස්ථානයකට ගෙන ගොස් වෙඩි තබා තිබූ අතර එහිදී 22 හැවිරිදි ඉරන්ත සුරන්ජන් නැමැති තරුණයා ඝාතනය වූ අතර ඔහුගේ මිතුරා ද තුවාල ලැබුවා.
